Pneumatic science part - 01 (Compressor)
- Pasan Udayanga
- Apr 6, 2020
- 2 min read
Updated: Apr 7, 2020
මුලින්ම අපිට වායු පීඩනය මනිනු ලබන ඒකක මොනවාද යන්න හදුනා ගනිමු.
# බාර් (bar)
# වර්ග මීටරයට නිවුටන් (N/m2)
# පැස්කල් (Pa)
# වර්ග අගලට රාත්තල් (PSI)
මෙම ඒකක අතර සම්බන්දය පහත දැක්වෙන පරිදි වේ
1 bar = 100000 N/m2 = 100000 Pa = 14.5 PSI
අප භාවිතා කරනු ලබන pressure gauge හි අපට පෙන්වන පාඨංකය වනුයේ අප දැනට සිටින තැනට ඇති වායුගෝලීය පීඩනයට වඩා ඇති පීඩනයයි. පහත සටහනෙන් එය වඩා පැහැදිලි වනු ඇත.

අපට කර්මාන්තශාලා වලදී බෙහෝ කම්ප්‍රෙෂර් යන්ත්‍ර මුන ගැසෙන අතර ඒවා වර්ග කල හොත් පහත ආකාරයෙන් දැක්විය හැක.

මේවායින් සමහරක් රූප සටහන් ආකාරයෙන් ගතහොත් පහත පරිදි වේ.

අපි දැන් බලමු අපිට නිතර හමුවන පීඩක යන්ත්‍ර ගැන.
1. Piston compressor

බොහෝ තැන්වල නිතර හමුවන වායු පීඩක යන්ත්‍ර වර්ගයකි. මෙමගින් කුඩා වායු පීඩන අගයක සිට විශාල අගයක් දක්වා ලබා ගත හැක. මෙහි වාසි අවාසි සලකා බැලුව හොත්
# වාසි
* මූලික වියදම අඩුවීම
* සවිකිරීමට අඩු වියදමක් වැයවීම
* සවිකිරීමට විශාල මෝටර පරාසයක් තිබීම
* විශේෂ යන්ත්‍ර සදහා විශාල පීඩන අගයක් ලබා ගැනීමට හැකිවීම
# අවාසි
* නඩත්තු වියදම අධික වීම
* චලනය වන කොටස් ප්‍රමාණය වැඩිවීම
* අධික දෙදරීම
* උපරිම ධාරිතාවෙන් දීර්ඝ කාලයක් භාවිතා කල නොහැකි වීම ආදිය වේ.
මෙහි single stage හා double stage යනුවෙන් පීඩක වර්ග දෙකකි
මෙහි single stage සදහා 4 bar සිට 12 bar දක්වා වායු පීඩනයක් ලබාගත හැක. double stage මගින් 15bar සිට 30bar දක්වා වායු පීඩනයක් ලබාගත හැක.
2. Screw Compressor
අපට දෙවෙනියට හමුවන වායු පීඩක වර්ගය මෙය වේ



අද ලෝකයේ කර්මාන්ත කේෂත්‍රරයේ බහුල වශයෙන් මෙම වර්ගයේ පීඩක යන්ත්‍ර භාවිතා වේ. මෙහි single stage හා double stage යනුවෙන් දෙවර්ගයක් ඇත. එනම් single stage එකෙහි කාර්යක්ශමතාව අඩු බැවින් ඒ සදහා screw element set දෙකක් භාවිතා කරනු ලබයි. තවද, මෙහි වායුව සමග oil මිශ්‍ර වීම හේතුවෙන් oil හා වායුව වෙන් කිරීම සදහා oil separator එකක්ද පිටවන වායුව අධික ලෙස රත් වීම හේතුවෙන් වායුව සිසිල් කිරීම සදහා radiator සවිකිරීමට සිදුවේ. මෙහි වාසි අවාසි සලකා බැලුව හොත්,
# වාසි
* සරල නිිර්මාණය
* මධ්‍ය මූලික වියදම
* මධ්‍ය නඩත්තු වියදම
* සවිකිරීමට පහසු වීම
* චලනය වනකොටස් අඩු වීම
# අවාසි
* screw හි ආයු කාලය කෙටි වීම
* screw එක රෙපයාර් කල නොහැකි වීම
* අධික ක්‍රියා කාරී වේගය
* single stage හි කාර්යක්ෂමතාව අඩු වීම
* දුහුවිලි සහිත පරිසරයක භාවිතය අපහසු වීම
මෙහි තවත් කොටසකින් නැවත හමු වෙමු. ඔබගේ අදහස් යොමු කරන්න සහ අලුත් ලිපි දැනගැනීම සදහා subscribe කරන්න Like කරන්න.
ස්තුතියි !
Comments