Lubricant Oil ගැන දැනගනිමු
- Pasan Udayanga
- Apr 7, 2020
- 2 min read
අද අපි බලමු lubricant oil යනු මොනවාද? අප බහුලව භාවිතා කරනු ලබන lubricant oil නිෂ්පාදනය කරනු ලබන්නේ බොරතේල් නිස්සාරනයේදී ලබාගනු ලබන බේස් ඔයිල් මගිනි. මෙයට අමතරව සමහර ඔයිල් වර්ග කෘතීම ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරනු ලබයි. මෙම බේස් ඔයිල් සමග නිෂ්පාදනයේදී විවිද additives වර්ග භාවිතා කරයි. මෙම සමහර additives වර්ග වලින් බේස් ඔයිල් හි ඇති සමහර ගුණාංග වැඩිදියුණු කරනු ලබන අතර සමහර වර්ග වලින් නැති ගුණාංග ඇති කරනු ලබයි. මේ හේතුවෙන් ඔයිල් වර්ග මිශ්‍ර කර යෙදීම සිදු නොකල යුතුය.
බහුලව භාවිතා වන Additives
# ඔක්සිහාරක සදහා - Butylated Hydroxytoluene
# ගෙවීම අවම කිරීම සදහා - Phosphate esters and Zinc dithiophosphates
# දුස්ස්‍රාවිතාව වැඩි දියුණුව සදහා - Polyacrylates and Butadiene
Lubricant Oil මගින් අප ලබාගනු ලබන ප්‍රයෝඡන
ඝර්ෂණය අවම කිරීම සදහා
පෘෂ්ඨ 2ක් අතර ඔයිල් පටලයක් රැදීම තුලින් ඔයිල් අංශු මගින් ඝර්ෂණය අවම කරයි.

උෂ්ණත්වය පාලනය කිරීම සදහා
උෂ්ණත්වය යන්ත්‍රය තුලින් ඉවතට සම්ප්‍රේශණය කිරීම සදහා බෙහෝවිට භාවිතා වේ. මෙහිදී උෂ්ණත්වය ඡනනය වන ස්ථානයේදීම අවශෝෂණය කර ගැනීමට හැකියාව ඇත.

ගෙවීම අවම කිරීම සදහා
පෘෂ්ඨ 2ක් අතර අංශු ආකාරයෙන් රැදීම තුලින් ගෙවීම අවම කරයි. මෙහිදී පෘෂ්ඨ 2 අතර මයික්‍රෝන 2 සිට 20 දක්වා පරතරයක් පවත්වා ගත යුතුය.
අපවිත්‍රනය පාලනය කිරීම සදහා
මෙහිදී යන්ත්‍රය ක්‍රියාකාරී වීමේදී ඇතිවනු ලබන අපද්‍රව්‍ය යන්ත්‍රෙයහි පහල තෙල් දෙන වෙත ගෙන ඒම සිදු කරනු ලබයි.
මතුපිට පෘෂ්ඨ ඛාදනය අවම කිරීම සදහා
බලය සම්ප්‍රේෂණය කිරීම සදහා
බොහෝ ස්වයංක්‍රීය ගියර පද්දති සහිත වාහන වල හා ද්‍රව (Hydraulic) පද්දති වලදී භාවිතා වේ.
අප ඔයිල් වර්ග වල ලක්ෂණ අනුව පහත පරිදි දක්වයි
දුස්ස්‍රාවිතාව (Viscosity)
දුස්ස්‍රාවිතාව යනු ද්‍රවයක් ගලා යාමට දන්වනු ලබන ප්‍රතිරෝධීතාව වේ.
දුස්ස්‍රාවිතා දර්ශකය (Viscosity Index)
දුස්ස්‍රාවිතා දර්ශකය මගින් උෂ්ණත්වයේ වෙනස් වීම් වලදී තරලයෙහි දුස්ස්‍රාවිතාව වෙනස් වීම මැන බැලේ.

Specific Gravity
Flash Point
ද්‍රවයක් වාෂ්පවීමට ආසන්නම උෂ්ණත්වය වේ.
Pour Point
ද්‍රවයක් මිදීමට ඝන වීමට ආසන්නම උෂ්ණත්වය වේ.
අප යන්ත්‍රයකට ඔයිල් වර්ගයක් භාවිතා කිරීමේදී නිෂ්පාදකයා නිර්දේෂ කරනු ලබන ඔයිල් වර්ගයම යෙදිය යුතුවේ. ඔයිල් වර්ග කවලම් කර නොදැමිය යුතුය.
යන්ත්‍රයකට ඔයිල් යෙදීමේදී හොදින් පිරිසිදු කොට ඔයිල් යෙදිය යුතු අතර ඔයිල් වලට ඡලය හෝ ඡල වාෂ්ප මිශ්‍ර නොවීමට අවකාශ සැලසිය යුතුය.
යන්ත්‍රයකින් ඉවත් කරනු ලබන ඔයිල් විෂ්ලේෂණය කිරීම මගින් අපට එම යන්ත්‍රෙයහි පවතින දෝෂ පිලිබදව අවබෝධයක් ලබා ගත හැක. උදා. ලෙස ඔයිල් වල වැඩි වෂයෙන් කොපර් ලෝහය අන්තර් ගත වුවහොත් ගියර් වීල් ගෙවීමක් ලෙසද, ඔයිල් කිරි (සුදු) පැහැයක් නම් ඡලය මිශ්‍ර වීමක් ලෙසද, ක්‍රෝමියම් හෝ මැන්ගනීස් නම් බෙයාරින් ගෙවීමක් ලෙසද හදුනා ගත හැක.
මා මුලින් සදහන් කල mineral oil හා synthetic oil සැසදීමේදී ඉහල මිලක් වැයවුවද synthetic oil ඉහල කාර්යක්ෂමතාවකින් යුක්ත වේ. මන්ද synthetic oil යනු කලින් සැලසම් කර ඒ සදහාම නිෂ්පාදනය කිරීමක් නිසාවෙනි.
ඔබගේ අදහස් යොමු කරන්න සහ අලුත් ලිපි දැනගැනීම සදහා subscribe කරන්න Like කරන්න.
ස්තුතියි !
Comments